Wednesday, November 26, 2014

කලින් කලට කුමන්ත්‍රණ සිදුවෙයි. බලය සඳහා කුමන්ත්‍රණය කිරිම බල ලෝබයේ  ලක්ෂනයයි. මෑත ඉතිහාසයේ සිදුවූ කුමන්ත්‍රණය නම්, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් එහි සභාපතිටත් හොරෙන් පිට්පොකට් ගැසීමයි. මෙය ඒක අතකින් දක්ෂ කමක් වුවත්, මහින්ද නම් වූ එකාධිපතියට එය කුමන්ත්‍රණයකි. පවතින රජයට විරුද්ධව රාජ ද්‍රෝහි ක්‍රියාවක් නොවුනත්, ජනාධිපති විසින් එය දැනටමත් සලකා ඇත්තේ රජය පෙරලා දැමිමට සිදු කරන ලද කුමන්ත්‍රණයක් ලෙසටය. ඉතා නුදුරු දිනකදි දොස්තර රාජිත සේනාරත්න පැවසූ අදහසක් වනුයේ

ගෝඨාගේ සිඅයිඩි එකටවත්, ෆෝන් ටැප් කරන මහින්දටවත් නොදැනි මෛත්‍රීපාල සිරිසේන මහතා,  පොදු අපේක්ෂකයා බවට පත් කල බවයි.

මෙහි දෙපැත්තක් ඇත, චන්ද්‍රිකා මහත්මිය මූලික කරගෙන සිදු කල ඒ සිද්ධිය ඔවුන්ගේ පැත්තෙන් බැලූ කල විශාල ජයග්‍රහණයකි, නමුත් මහින්දට ඉවසුම් නොදෙන්නකි. නමුත් ප්‍රශ්න නම් පක්ෂකට එදිරිව මෙවැනි කුමන්ත්‍රණ කලත්, රජයට විරුද්ධව එසේ සිදුවන්නටද ඉඩක් ඇති බවයි. පොදු අපේක්ෂකයා පවසන පරිදිම, එය සිදු වි ඇත්තේ සැටලයිට් දුරකතන ඔස්සේ සිදුකල කතා බහකිනි. ඉතින් පවතින ශ්‍රිලංකා නිදහස් පක්ෂයට දැඩි ලෙස මතක තබා ගත යුත්තේ, තොපට විරුද්දව කුමන්ත්‍රන කලත් රටට විරුද්ධව කුමන්ත්‍රන සිදුවන විට එය කල් තියා හඳුනා ගැනිමට අවශ්‍ය විදිවිධාන සකසා ගත යුතු බවය
read more »

Tuesday, November 25, 2014

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හෙවත් ලංකාවේ අවසන් රජතුමා දුෂ්ට පාලකයෙකු බව නොරහසකි.  ඒ හා සමාන නොවූවද රාජපක්ෂ යනු ඕනෑ හැටියට වැඩක් කරවා ගත නොහැකි දරදඩු  පාලකයෙකි. ඔබ ඒ ඉතිහාස කතාව කියවන විට මදක් හෝ සිතුවාද. රදළයන් කෙසේනම් එක්වි රජු ඉංග්‍රීසීන්ට අල්ලා දුන් බව. වෙනසක් නැත කතෝලික පන්නරයක් ඇති චන්ද්‍රිකා බණ්ඩාරනයක කුමාරතුංග නම් වූ ස්ත්‍රිය හරහා රනිල් නම් වන්දිභට්ටයා නැවත වරක් පක්ෂනායක්තවයෙන් ඉවත් නොකර තැබීමට, මෛත්‍රී නම් ගොයියාගේ පුතා ඉදිරියට ගෙන ආවෙමු. ජය පැරදුම ගැන අපට ඇත්තේ තවමත් දෙගිඩියාවකි. නමුත් යම් හෙයකින් රාජපක්ෂ පාරාජය වුව හොත්. ඉතිහාස කතාව වර්තමානයේ රඟ දැක්වූ බව ඔබටත් මටත් හොඳින් තේරුම් ගත හැක. එකාදිපති වියරුවේ, ගසා කෑමේ , අවනීතියේ හස්ථය වූ රාජපක්ෂ පාලනය බිඳ දමා ගෙන එන්නේ රනිල් නම් විධායක අගමැති නම් ඔහුගෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?


read more »